මිලිටරි ඩෝන යානා තාක්ෂණය

 


අතීතයේ හමුදාවක ශක්තිය වූයේ එහි සිටින සෙබලු සංඛ්‍යාවයි. නමුත්, වර්තමානයේ හමුදාවක ශක්තිය මනින්නේ එහි ඇති යුද ටැංකි ප්‍රමාණය, එහි ඇති කාලතුවක්කු ප්‍රමාණය, එහි ඇති ගුවන් යානා ප්‍රමාණය, එහි ඇති නැව් ප්‍රමාණය ආදිය මතයි. ඒ අතරට අලුතින්ම එකතු වූ සාමාජිකයා වන්නේ ඩෝන යානායි. වර්තමානයේ ඇති ඩ්‍රෝන යානා පැණි කුරුල්ලෙකු ප්‍රමානයේ සිට සාමාන්‍ය ගුවන් යානාවක ප්‍රමාණය දක්වා විහිදේ. ඩ්‍ර්‍රෝන යානා වලින් පරිවර්තනය වන විෂය ක්ෂේත්‍ර ගණනාවක් තිබුනද , අප මෙහීදී අවදානය යොමු කරන්නේ මිලිටරි අංශය ගැන පමණි.                                                                                                                                                                                                                                         

                                                                                                                                                                                               ඩ්‍රෝන යානා වල වඩාත්ම සුවිශේෂීත්වය වන්නේ ඒවා ඉතා අඩු මුදලකට නිර්මානය කල හැකි වීමයි. එම නිසා ඩ්‍රෝන යානා වර්තමානයේදී ත්‍රස්තවාදීන් වැඩිපුර  භාවිතා කිරීමට පටන්ගෙන තිබීම ආරක්ෂාවට දරුණු තර්ජනයකි. එම තර්ජනය කොපමණ දරුණුද යන්න පහත වීඩියෝව නැරඹීමෙන් හදුනාගන්න.
මෙම ආයුධ වලට පහර දිය හැකි ආරක්ෂණ උපක්‍රම තවමත් සාර්තකව නිර්මානය වී නැත. එනිසා එම අවදානම අවම කිරීමට ගත හැකි සෑම උපක්‍රමයක්ම ගත යුතුයි.

Comments